සැලසුම් කළ විදුලිය කප්පාදුවක් හෙට (13) දිනයේ සිදු වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් වන තීරණය අද (12) පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න සඳහන් කළේ ඒ පිළිබඳව අධ්‍යනය කරමින් ඇති බවයි.
මේ අතර අක්‍රීය වී ඇති නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර 03ක් තවදුරටත් යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වී තිබෙනවා.
එමඟින් ජාතික පද්ධතියට අහිමිවන විදුලි ධාරිතාව මෙගාවොට් 900කට ආසන්න බවයි වාර්තා වන්නේ.
මේ වන විට ජල විදුලි උත්පාදනය 30%ක මට්ටමක පවතින අතර පවතින ජලය කළමනාකරණය කර ගනිමින් විදුලි සැපයුම කළමනාකරණයට පියවර ගන්නා බව විදුලි බල මණ්ඩලය සඳහන් කළා.
මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම්දී ඇත්තේ පසුගිය ඉරිදා දිවයින පුරා සිදු වූ විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙසයි.
අදාළ වාර්තාව ලැබීමෙන් අනතුරුව එය අධ්‍යයනය කර යළි එවැනි තත්ත්වයක් ඇති නොවීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සලකා බලන බව එම කොමිසමේ සභාපති මහාචාර්ය ලලිත් චන්ද්‍රලාල් සඳහන් කළා.
(colombotimes.lk)