24 August 2025

logo

කුන්ඩසාලේ බස් නැවතුම්පොළේ නාඳුනන පුද්ගල මළ සිරුරක්



පොලීසිය විසින් නාඳුනන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ඒ පල්ලෙකැලේ, කුන්ඩසාලේ නව නගරයේ බස් නැවතුම්පොළේ තිබීයදීයි.

බස් නැවතුම්පොළේ පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇති බවට ලද තොරතුරක් මත පල්ලෙකැලේ පොලීසිය විසින් අදාළ මළ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ මියගිය පුද්ගලයා වයස අවුරුදු 70ක් පමණ වන අයෙක් වන අතර ඔහුගේ අනන්‍යතාව තවමත් තහවුරු වී නොමැති බවයි.

මේ වන විට එම මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර මෙම සිද්ධිය සමබන්ධයෙන් පල්ලෙකැලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

(colombotimes.lk)