colombotimes.lk
සිංහල | English

14 June 2024

එළවළු සහ මාළු මිල ගණන් ඉහළට



පවතින අයහපත් කාලගුණික තත්වයත් සමඟ වෙළෙඳපොලේ එළවළු සහ මාළු මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.

මැනිං පොදු වෙළඳ සමිතියේ සභාපති අජිත් කළුතරගේ මහතා සදහන් කළේ මෙම තත්වය අඛණ්ඩව පැවතියහොත් එළවළු මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි.
 
මේ අතර මත්ස්‍ය මිල ගණන් ද මේ දිනවල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

අයහපත් කාලගුණික තත්වයත් සමඟ ධීවරයින් ධීවර කටයුතු සඳහා යොමු නොවීම මත්ස්‍ය මිල ඉහළ යාමට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)