colombotimes.lk
සිංහල | English

22 October 2024


Amazon හරහා Online වාහන ගෙන්වීමේ හැකියාව



ලොව ප්‍රමුඛතම ඉ-වානිජ්‍ය සමාගමක් වන Amazon විසින් එළඹෙන 2024 වසරේ සිට Hyundai මෝටර් රථ, එක්සත් ජනපදය තුළ Online මාර්ගයෙන් අලෙවි කිරීමට සැලසුම් කර තිබෙනවා. 

මෙම සමාගම් දෙක විසින් අදාළ සහයෝගීතාව නිවේදනය කර ඇති බවයි රොයිටර්ස් පුවත් සේවය සඳහන් කළේ. 
 
Amazon.com හි Hyundai හි ඩිජිටල් ප්‍රදර්ශනාගාරය පුළුල් කිරීම සඳහා මීට වසර දෙකකට පෙර ප්‍රකාශයට පත් කරන ලද ක්‍රියාමාර්ගයක ඉදිරි පියවරක් ලෙසින් මෙය හැඳින්විය හැකියි. 
 
මේ හරහා පාරිභෝගිකයින්හට වාහනයක මිල ගණනය කිරීම, අලෙවිය සම්පූර්ණ කිරීමට අලෙවිකරුවෙකු සොයා ගැනීම ඇතුළු කාර්යයන් රැසක් ඉටුකර ගත හැකි වනු ඇති.
(colombotimes.lk)