ඉදිරි උත්සව සමය සඳහා දිවයින පුරා ආහාර සේවා අඛණ්ඩව පරීක්ෂා කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ (PHI) සංගමය පවසනවා.
සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රොරෝහණ පාරිභෝගිකයන්ට උපදෙස් ලබා දුන්නේ අලුත් අවුරුදු උත්සව සමය සඳහා විශේෂයෙන් නිපදවන ආහාර මිලදී ගැනීමේදී අතිශයින්ම ප්‍රවේශම් වන ලෙසයි.
මෙම දින වල අඩු ගුණාත්මක හෝ නැවත භාවිතා කරන ලද තෙල් අලෙවි කළ හැකි බවත් කුළුබඩු වැනි ආහාර නිෂ්පාදනවල රසායනික ද්‍රව්‍ය අඩංගු විය හැකි බවත් ඔහු අවධාරණය කළා.