16 October 2025

logo

ජනපතිට කොමඩු ගෙඩියක්



කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් වගා කොට සාර්ථක වූ ගොවීහු දෙදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබෙනවා.

අනුරාධපුර තිරප්පනේ ප්‍රදේශයේ බන්දුල මුණසිංහ අක්කර භාගයක මිරිස් වගාවෙන් මාස 9 කදී රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් උපයා ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

මීට අමතරව අක්කරයක කොමඩු වගාවෙන් මාස 2 කින් රුපියල් ලක්ෂ 40ක්  උපයා ගැනීමට ගල්කුලමේ බුද්ධික සුදර්ශනට හැකි වී තිබෙනවා.

ඔවුන් තම අස්වැන්නෙන් කොටසක් ද රැගෙන ජනපති හමුවට පැමිණීම විශේෂත්වයක්.
(colombotimes.lk)