colombotimes.lk
සිංහල | English

08 September 2024


දිස්ත්‍රික්ක 6 කට අවවාදාත්මක නිවේදනයක්



අද (22) දිනයේ දිස්ත්‍රික්ක 6 කට උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, කුරුණෑගල, පුත්තලම, ගම්පහ, කොළඹ, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහායි.

එම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම, අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම තත්වයෙන් ආරක්ෂාවීම සඳහා,

ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම.

අධික වෙහෙසකාරි කටයුතු සීමා කිරීම.

සුදු හෝ ලා පැහැති ඇඳුම් ඇඳීම මෙන්ම සෙවණ ඇති ස්ථානවල රැඳී සිටීම සිදු කළ යුතුයි.

මේ හේතුවෙන් ළමුන් හා වැඩිහිටියන් වැඩිපුර ජලය පානය කළ යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
(colombotimes.lk)