25 November 2024


කාලගුණය වෙනස් වෙයි



බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.  

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීම හේතුවෙන් අද සිට සැප්තැම්බර් 06 වනදා දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සූර්යයා සෘජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ අනුව අද දහවල් 12.11ට ඩෙල්ෆ් දූපත, පුනරීන්, තද්දුවන්කොඩ්ඩි සහ චුන්ඩික්කුලම් ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව එම නිවේදනයේ සඳහන්.

(colombotimes.lk)