කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය අද (26) රාත්‍රී 11.00 දක්වා වලංගු වන පරිදි නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඌව, මධ්‍යම සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට, අම්පාර, මඩකලපුව සහ වව්නියාව දිස්ත්‍රික්කවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකි බව එම නිවේදනය වැඩිදුරටත් සඳහන්.
ඒ අනුව එම ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වෙන ලෙසත් අකුණු මඟින් සිදු වන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)