24 August 2025

logo

ටයිටන් සබ්මැරීනය පුපුරා ගිය හේතුව මෙන්න



ලොව අවධානයට ලක්වුණු ටයිටන් සබ්මැරීනය පුපුරායාමට හේතුව වසර 02කට පසුව ඇමරිකා එක්සත් ජනපදයේ වෙරළාරක්ෂක සමුද්‍ර විමර්ශන මණ්ඩලය වාර්තාවක් මඟින් හෙළි කර තිබෙනවා. 

එම වාර්තාවට අනුව ටයිටන් සබ්මැරීනය පුපුරායාමට ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ ටයිටන් සබ්මැරීනයේ ප්‍රධාන කොටස ප්‍රමාණවත් ආකාරයේ සැලසුම්, ඉදිකිරීම් සහ පරීක්ෂණ නොමැතිවීමයි.

පුද්ගලයන් 05කට දිවි අහිමි කළ මෙම ව්‍යසනයට ටයිටන් සබ්මැරීනය හිමි සමාගම වන 'ඕෂන්ගේට්' සමාගම වගකිව යුතු බවද එම වාර්තාවේ සඳහන් වනවා. 

එම වාර්තාවේ සඳහන් වන්නේ ටයිටන් සබ්මැරීනය පුපුරායාම වළක්වා ගැනීමට ඉඩකඩ තිබූ බවයි.

උතුරු අත්ලන්තික් සාගරයේ මුහුදුබත් වූ ටයිටැනික් නෞකාව නැරඹීමට ගොස් සිටියදී ටයිටන් සබ්මැරීනය අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ පුද්ගලයන් 5දෙනෙක් මියගොස් තිබෙනවා. 

(colombotimes.lk)