05 January 2026

logo

ශ්‍රී ලංකා කාන්තා යොවුන් කණ්ඩායමට විශිෂ්ට ජයක්



එංගලන්ත යොවුන් කාන්තා කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 108ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා යොවුන් කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 49ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 226ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත යොවුන් කණ්ඩායම පන්දුවාර 24ක් තුළ සියලු දෙනා දැවී ලබා ගනු ලැබුවේ ලකුණු 118ක් පමණයි.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ 14 හැවිරිදි චමෝදි ප්‍රබෝදා කඩුලු 5ක් දවා ගැනීමට සමත් වී තිබෙනවා.
(colombotimes.lk)