07 July 2025

logo

හමුදාවන් හි නායකත්වය සඳහා කාන්තාවන්ට වැඩි අවස්ථාවක්



යුධ, නාවික සහ ගුවන් හමුදාවන් හි නායකත්වය සඳහා කාන්තාවන්ට වැඩි අවස්ථාවක් ලබාදෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

අද (04) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

ඒ අනුව කාන්තාවන්ට දැනට හමුදාවේ දැරිය හැක්කේ මේජර් නිලය පමණක් බවයි ඔහු සඳහන් කළේ.

මේ හේතුවෙන් කාන්තාවන්ට ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියා විය හැකි පරිදි හමුදා නීති වෙනස් කිරීමට රජය බලාපොරොත්තු වන බව ඔහු පැවසුවා.
(colombotimes.lk)