08 January 2026

logo

අයර්ලන්තයට යන කාන්තා කණ්ඩායම මෙන්න



ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත අයර්ලන්ත තරග සංචාරය වෙනුවෙන් තෝරාගත් 16 දෙනෙකුගෙන් යුත් සංචිතය අද (03) ප්‍රකාශයට පත් කර තිබෙනවා.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අනුමැතිය දී ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා - අයර්ලන්ත තරගාවලිය විස්සයි20 තරග 02කින් හා එක්දින තරග 03කින් සමන්විතයි.

නම් කළ ශ්‍රී ලංකා කාන්තා සංචිතය පහතින්,

චමරි අතපත්තු (නායිකාව),  විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, කවීෂා දිල්හාරි, නිලක්ෂි සිල්වා, අනුෂ්කා සංජීවනී, කාව්‍යා කාවින්දි, උදේශිකා ප්‍රබෝධනී, අචිනි කුලසූරිය, සුගන්දිකා කුමාරි, සචිනි නිසංසලා, ඉනෝෂි ප්‍රනාන්දු, ශෂිනි ගිම්හානි, අමා කාංචනා, කෞෂිනි නුත්‍යංගනා.

(colombotimes.lk)