16 September 2025

logo

ලොව විශාලතම කෲස් නෞකාවේ ඉදිකිරීම් අවසන්



ලොව විශාලතම කෲස් නෞකාවේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන් අධියරට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

ඒ අනුව මෙහි ඉදිකිරීමේ කටයුතු ෆින්ලන්තයේ නැව් අංගනයක සිදුකළ බව සඳහන්. 
 
එය මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේදී අත්හදා බැලීම සඳහා මුහුදට යාත්‍රා කිරීමට නියමිතයි. 
 
Royal Caribbean Inte ational's Icon of the Seas ලෙස මෙම නෞකාව නම් කර තිබෙනවා. 
 
මෙය දිගින් මීටර 365ක් (ආදී 1,200කට ආසන්න) වන අතර ටොන් 250,800ක බරකින් යුක්ත බව සඳහන්. 
 
එය නිල වශයෙන් 2024 වසරේදී මගීන් ප්‍රවාහනය සඳහා යොදවන බවයි වාර්තා වන්නේ. 
 
එමෙන්ම නෞකාවේ මගීන් 5,610ක් සහ කාර්යය මණ්ඩලය 2,350 දෙනෙකුට ගමන් කිරීමට හැකියාව තිබෙනවා.
(colombotimes.lk)