colombotimes.lk
සිංහල | English

08 September 2024


විවාහයට පෙර හිනාව ලස්සන කරගන්න ගිය තරුණයෙක් මිය යයි



විවාහයට පෙර තම හිනාව ලස්සන කර ගැනීමට ශල්‍යකර්මයකට මුහුණ දුන් 28 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඉන්දියාවේ FMS Inte ational Dental Clinic in Hyderabad’s Jubilee Hills හීදී මෙම ශල්‍යකර්මය සිදුකර ඇති බව සඳහන් වනවා.

එහිදී එම සැත්කමේ කොටසක් ලෙස Laxmi Narayana Vinjam නම් තරුණයාව නිර්වින්දනය කර ඇති අතර නැවත ඔහුගේ සිහිය ගැනීමට සියලුදෙනා අසමත් වී තිබෙනවා.

මෙම තරුණයා සතියකට පෙර විවාහ ගිවිසගෙන ඇති අතර ඔහුගේ විවාහ මංගල්‍ය ලබන මාසයේදී පැවැත් වීමට නියමිතව තිබූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් තරුණයාගේ පවුලේ ඥාතීන් අදාළ රෝහලට එරෙහිව නඩු පවරා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)