17 December 2025

logo

දෙසැම්බර් මාසයේ වැඩිහිටි දීමනාව ගැන දැනුම්දීමක්



දෙසැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල වැඩිහිටි දීමනාව හෙට (18) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය සඳහන් කළේ මෙලෙස රුපියල් 3,081,730,000.00ක මුදලක් ප්‍රතිලාභීන් 616,346ක් අතරේ බෙදා හැරීමට නියමිත බවයි. 

එමෙන්ම අදාළ ප්‍රතිලාභීන්ට දෙසැම්බර් මස 18වනදා සිට තමාට හිමි වැඩිහිටි දීමනාව අදාළ අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම මඟින් ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළා. 

(colombotimes.lk)