ආරක්ෂ නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ සවුදි අරාබි රාජ්‍යයේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්රාහ්මන් බින් අයියෆ් අල්-මක්රින් කුමරු අතර හමුවක් පවත්වා තිබෙනවා.
සවුදි අරබියේ රියාද් නුවර පැවැත්වෙන ලෝක ආරක්ෂක ප්‍රදර්ශනයට සමගාමීව මෙම හමුව පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.
එහිදී දෙරට අතර පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට සහ දිගුකාලීන සබඳතා වර්ධනය කර ගැනීමට ඇති අවස්ථා පිළිබඳව ද අවධානය යොමු කර තිබෙනවා.
වසර ගණනාවක් පුරාවට සවුදි අරාබිය විසින් ලබා දුන් සාර්ථක සහයෝගීතා අගය කළ ශ්‍රී ලංකා දූත පිරිස එම සහයෝගීතාව ඉදිරියටත් අඛණ්ඩව ලබාගැනීම අපේක්ෂා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
