12 February 2026

logo

ශ්‍රී ලංකාවට දැවැන්ත ජයග්‍රහණයක්



මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන ජයග්‍රහණයත් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකර පෙර සමත්වුණා.

ඒ ඕමාන කණ්ඩායමට එරෙහිවයි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 225ක් රැස් කළා.

එහිදී පවන් රත්නායක ලකුණු 60ක් කුසල් මෙන්ඩිස් ලකුණු 61ක් සහ දසුන් ශානක ලකුණු 50ක් රැස් කිරීමට සමත්වුණා.

මෙහිදී පන්දු 19කින් වාර්තා කළ දසුන්ගේ අර්ධ ශතකය වාර්තා අතරට එක්වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයෙක් රැස් කළ වේගවත්ම අර්ධ ශතකය ලෙසයි.

අනතුරුව ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 226ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ඕමාන කණ්ඩායමට රැස් කිරීමට හැකියාව ලැබුණේ ලකුණු 120ක් පමණයි.

ඒ අනුව මෙම තරගය ලකුණු 105කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

(COLOMBOTIMES.LK)