මාතර දිස්ත්‍රික්කයේ සංචාරක හෝටල් 02ක් විසින් උපරිම සිල්ලර මිල උල්ලංඝනය කරමින් බෝතල් කළ පානීය ජලය අධික මිලට අලෙවි කිරීමේ චෝදනාවට වරදකරුවන් බවට පත්වූ එක් හෝටලයකට රුපියල් ලක්ෂ 5 බැගින් සමස්තයක් ලෙස රුපියල් ලක්ෂ 10ක දඩ මුදලක් නියම කර තිබෙනවා.
ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
මෙම නඩුව ඊයේ (13) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අධිකරණය හමුවේ ගොනු කළ අවස්ථාවේදී එම දඩ මුදල නියම කර තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබුණු පැමිණිලි මත මාතර දිස්ත්‍රික් කාර්යාලය සිදු කළ වැටලීම්වලදී අදාළ සංචාරක හෝටල් 02ක නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කර තිබෙන බවට අනාවරණය වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
