ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 06ක සිර දඬුවමක් අද (14) නියම කර තිබෙනවා.
ඒ 2024 වසරේ පැවැත්වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී තිබූ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කිරීම හේතුවෙන්.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළ බවට චෝදනා කරමින් වග උගඋත්තරකාර ප්‍රේමතිලකට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
