අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලින් ඇතැම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් ඇති බවට අනතුරු අඟවා තිබෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ ලැබී ඇති සැලකිය යුතු වර්ෂාපතනය සහ එම ද්‍රෝණිය තුළ ස්ථාපිත ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණයට අනුව මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි.
ඒ අනුව දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට මෙම අවදානම පවතින බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
