කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් අද (14) නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර ඉදිරි පැය 48 තුළ එම පද්ධතිය මෙරටින් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්‌ථානවල මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි අතර උතුරු පළාතෙත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 වැඩි වැඩි ඇති විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපර්ථංඑන්ථුව්ක ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)
