16 October 2025

logo

රේගුව ඉතිහාසයේ එක් දිනක් තුළ ලැබූ ඉහළම ආදායම වාර්තා කරයි



ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ එක් දිනක් තුළ එකතු කළ ඉහළම අදායම ඊයේ (15) වාර්තා කර තිබෙනවා.

ඒ රුපියල් මිලියන 2,470ක බදු මුදලක් රැස් කරමින් බවයි වාර්තා වන්නේ.

මේ වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 1,867ක අදායමක් රැස් කිරීමට ශ්‍රී ලංකා රේගුව සමත්වී තිබෙනවා.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ 2025 වසර සඳහා රේගුවට රුපියල් බිලියන 2,115ක අදායම් ඉලක්කයක් ලබාදී ඇති අතර එම මුදල පහසුවෙන් ඉක්මවීමට හැකි වනු ඇති බවයි.

(colombotimes.lk)