16 October 2025

logo

ලොකු පැටීගේ මුදල් පාලනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට



ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින 'ලොකු පැටී' නම් අපරාධකරුගේ මුදල් පාලන කටයුතු සිදුකළ ගන්දර ප්‍රදේශයේ කපු මහත්වරයෙක් අද (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය විසින්.

අදාළ සැකකරුගේ ගිණුම්වල රුපියල් කෝටි 33කට අධික මුදලක් සංසරණය වී ඇති බව විමර්ශන නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ලොකු පැටී සමඟ ඔහු සමීප සබඳතා පවත්වා ඇති අතර ඔහු විසින් ලොකු පැටීගේ කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමේ නිරතව ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07ක රැඳවුම් නියෝග ලබාගෙන මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)