16 October 2025

logo

ඉෂාරා ඇතුළු පිරිසට පැය 72ක රැඳවුම් නියෝග



ඉෂාරා සෙව්වන්දි සහ අනෙකුත් සැකකරුවන් පස්දෙනා පැය 72ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලැබී තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඉෂාරා සෙව්වන්දි ඇතුළු 04දෙනෙක් විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇති බවයි.

එමෙන්ම අනිත් සැකකරුවන් දෙදෙනා පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට සහ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට යොමු කර තිබෙනවා. 

(colombotimes.lk)