කාර් රථයක් රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ගමන් ගත් කාන්තාවකගේ ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ මීරිගම - දිවුලපිටිය මාර්ගයේදීයි.
එම අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික කාන්තාව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.
මියගිය කාන්තාව වයස අවුරුදු 72ක් වන රේන්දපොල, මීරිගම ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
පොලීසිය සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කාර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
(colombotimes.lk)
