2026 අපොස උසස් පෙළ විභාගය සැලසුම් කර ඇති පරිදි නියමිත දිනටම ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
එම අමාත්‍යාංශය සඳහන් කළේ විභාගය සඳහා සූදානම් වීමට සිසුන්ට ප්‍රමාණවත් කාලයක් ලබා දී ඇති බැවින් පෙර සැලසුම් කළ විභාග කාලසටහන සංශෝධනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි.
ඒ අනුව 2026 අපොස උසස් පෙළ විභාගය එළඹෙන අගෝස්තු මස 10වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)
