21 June 2026

logo

මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන් වෙනුවෙන් නව පුනරුත්තාපන මධ්‍යස්ථාන



මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන් වෙනුවෙන් නව පුනරුත්තාපන මධ්‍යස්ථාන හතරක් ආරම්භ කරන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් කේ. කේ. එස්. කොතලාවල සදහන් කළේ කල්පිටිය, කුරුණෑගල, අකුරැස්ස සහ මඩකලපුව යන ප්‍රෙද්ශවල එම මධ්‍යස්ථාන ආරම්භ කරන බවයි.

එමෙන්ම පෞද්ගලික ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන 8 ක් සඳහා ද නව බලපත්‍ර නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)