21 June 2026

logo

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙක් අත්අඩංගුවට



රුපියල් එක් කෝටි තිස් දෙලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 88,000ක තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මඟියෙක් අද (21) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගුවන් තොටුපළ රේගු නිලධාරීන් විසින්.

අත්අඩංගුවට ගත් සැකකරු චීන ජාතික ව්‍යාපාරිකයෙක්.

අදාළ සැකකරු විසින්රැගෙන ආ ගමන් මලු තුළ චීනයේ නිෂ්පාදිත දුම්වැටි 88,000ක් අඩංගු දුම්වැටි කාටුන් 440ක් මෙරටට රැගෙන විත් තිබුණු බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)