හලාවත බංගදෙනිය වීරකමණ්දලුව ප්‍රදේශයේ නිවසක් වටලා සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී කොළඹ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් ඇතුළු 11දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඊයේ (29) පස්වරුවේ මෙම වැටලීම සිදු කර ඇති අතර එම අවස්ථාවේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා නිවසින් පැන ගොස් ඇති බවයි.
කෙසේ වෙතත් ඔහු ත්‍රීරෝද රථයකින් හලාවත බස් නැවතුම්පළ බලා ගමන් කරමින් සිටියදී හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවන් 03දෙනෙක් සහ පිරිමි පුද්ගලයන් 08දෙනෙක් සිට ඇති බවයි.
(colombotimes.lk)