12 May 2026

logo

ඉන්දීය ජාතිකයන් 110ක් කොටුවෙයි



ගාල්ල, ගල්වඩුගොඩ හා ශ්‍රී සුමේධ මාවතප්‍රදේශවලදී ලැගුම්හල් 02ක් තුළ නවාතැන් ගෙන සිටි ඉන්දීය ජාතිකයින් 110 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ගාල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19ත් 35ත් අතර වයස්වල පසුවන විදෙස් ජාතිකයින් බව පොලීසිය සඳහන් කළා. 

සැකකරුවන් සන්තකයේ තිබී පරිගණක යන්ත්‍ර 58ක්, ජංගම දුරකථන 79ක්, පොලිස් භාරයට ගෙන ඇති අතර ගාල්ල පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)