විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ “රටම එකට“ ජාතික මෙහෙයුම යටතේ ඊයේ (15) සිදුකළ විශේෂ මෙහෙයුම්වලින් පුද්ගලයින් 1000කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ වැටලීම් 1,131ක් සිදුකර ඇති අතර එහිදී සැකකරුවන් 1,115දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 531ක්, අයිස් ග්‍රෑම් 754ක්, ගංජා කිලෝ 08යි ග්‍රෑම් 953ක් සහ මත්පෙති 249ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් පොලීසිය විසින් සොයාගෙ තිබෙනවා.
එමෙන්ම සැකකරුවන් 31දෙනෙක්ට රැඳවුම් නියෝග නිකුත් කර ඇති අතර තවත් 63දෙනෙක් පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
