ගොවීන් 226015දෙනෙක්ට මේ වන විට මහ කන්නයේ පොහොර සහනාධාරය ලබාදී ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව ගොවීන්ට ලබාදී ඇති මුදල රුපියල් මිලියන 2214 ක්.
ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග සඳහන් කළේ, මෙතෙක් සහනාධාරය නොලැබුණු ගොවීන්ගේ ගිණුම්වලට ලබන අඟහරුවාදා වන විට මුදල් බැර කරන බවයි.
(colombotimes.lk)
