අනුරාධපුර ප්‍රදේශයේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු මස් කිලෝග්‍රෑම් 12000කට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මුද්‍රා තබා තිබෙනවා.
ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ ගංවතුර හා විදුලිය ඇණහිටීම හේතුවෙන් එම මස් තොගය මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්ව ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 1926 අංකයට ලැබුණු පැමිණිල්ලකට අනුව අදාළ සත්ත්ව ගොවිපළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
එම මස් තොගයට අදාළ සාම්පල රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට නියමිතයි.
රස පරික්ෂක වාර්තා අනුව ඉදිරි නීතිමය කටයුතු සිදු කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළා.
(colombotimes.lk)
