යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය ආධාර ප්‍රදානයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.
යුරෝපීය කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම ආධාරය 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් බලපෑමට ලක් වූ පුද්ගලයන්ට අත්‍යාවශ්‍ය සහන සැපයීමට උපකාරී වන බවයි.
මේ වන විට ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ Red Crescent කණ්ඩායම් ආපදාවට පත් වූ පුද්ගලයන් වෙනුවෙන් සහන කටයුතු ආරම්භ කර ඇති අතර එම සංවිධාන හරහා ලබාදෙන යුරෝ ලක්ෂ 5ද මෙම මානුෂීය ආධාර ප්‍රදානයට ඇතුළත් බව යුරෝපා සංගමය සඳහන් කළා.
මෙහිදී යුරෝපා සංගමය වැඩිදුරටත් කියා සිටියේ ආපදාවට පත් ජීවිත නැවත ගොඩනඟා ගැනීමට අවශ්‍ය ශක්තිය සහ සහයෝගය ලබාදීමට සූදානම් බවයි.
(colombotimes.lk)
