20 January 2026

logo

යෝෂිතගේ නඩුව කල්යයි



මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටින යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට්ට නඩු කටයුත්තකට පෙනී සිටීමට සුදුසු මානසික තත්ත්වයක පසුවනවා දැයි හෙට (11) කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මාර්ගයෙන් පරීක්ෂා කිරීමට නියමිත බව නීතිපතිවරයා අද (10) කොළඹ මහාධිකරණයට දැනුම්දී තිබෙනවා. 

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී රජයේ නිතීඥ ඔක්ස්වල්ඩ් පෙරේරා විසින් මෙම දැනුම්දීම සිදු කර තිබෙන  බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)