වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 100කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතිමය පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
එම අධිකාරිය සඳහන් කළේ පසුගිය මාසයක පමණ කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී වෙළෙඳසැල් 135ක වෙළඳුන්ට එරෙහිව නඩු පැවරීම් සිදු කළ බවයි.
සහල් වැඩි මිලට අලෙවි කරන සහ සඟවා තබාගෙන සිටින වෙළෙදුන්ට එරෙහි වැටලීම් තවදුරටත් ක්‍රියාත්මක කරන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.
එම අධිකාරිය සඳහන් කළේ වැඩි මිලට සහල් අලෙවි කරන තනි පුද්ගල ව්‍යාපාරිකයෙක් වේ නම් ඔහුට එරෙහිව නඩු පැවරීමේදී ඔහු වැරදිකරු වුවහොත් රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 05 දක්වා දඩ මුදලක් හෝ මාස 05ක සිර දඬුවමක්ද නියම කළ හැකි බවත් නැතහොත් එම දඩ මුදල හෝ සිර දඬුවම යන දෙකම නියම කිරීමටද හැකියාවක් පවතින බවයි.
එමෙන්ම පෞද්ගලික සමාගමක් වරදකරු වන්නේ නම් රුපියල් ලක්ෂ 05 සිට රුපියල් ලක්ෂ 50 දක්වා දඩ මුදලක් නියම කිරීමටත් සහල් සඟවා තැබීම සම්බන්ධව වරදකරු වුවහොත් දඩ මුදලක් හෝ සිර දඬුවම හෝ ඉහත දෙකම මෙන්ම අදාළ භාණ්ඩ තොගය රාජසන්තක කිරීමටද අධිකාරි පනත යටතේ හැකියාවක් ඇති බවද එම අධිකාරිය සඳහන් කළා.
(colombotimes.lk)