සියරා ලියොන් හි ජාවාරම්කරුවන්ගෙන් විපතට පත් වූ ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු පොලිස් විශේෂ මෙහෙයුමකදී බේරාගෙන තිබෙනවා.
ඒ INTERPOL හරහා ලැබුණු බුද්ධි තොරතුරු මතයි.
INTERPOL වාර්තාවක නිවේදනය කර ඇත්තේ මිනිස් ජාවාරමට සහ සංක්‍රමණික ජාවාරමට එරෙහිව AFRIPOL සමඟ එක්ව සිදු කළ මෙහෙයුමකදී ලොව පුරා පුද්ගලයින් 1,000 කට වැඩි පිරිසක වින්දිතයින් බේරාගෙන ඇති බව සහ ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගත බවයි.
අප්‍රිකාවේ සහ ඉන් ඔබ්බෙහි මිනිස් ජාවාරම් සහ සංක්‍රමණික ජාවාරම් පිටුපස ඇති සංවිධානාත්මක අපරාධ ජාලයන් විසුරුවා හැරීම සඳහා රටවල් 54 ක නීතිය බලාත්මක කිරීමේ සහභාගීත්වයෙන් සම්බන්ධීකරණය කරන ලද “FLASH-WEKA” මෙහෙයුම මැයි සහ ජුනි අතර අදියර දෙකකින් සිදුකළ බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
(colombotimes.lk)