ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් විසින් ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය මේ වන විට අවසන් කර තිබෙනවා.
ඒ රජය විසින් 6 ශ්‍රේණියට අදාළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම 2027 වසර දක්වා කල් දමා ඇති බව ප්‍රකාශ කිරීමත් සමඟයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් මෙම සත්‍යග්‍රහය ඊයේ (12) ආරම්භ කළා.
(colombotimes.lk)
