13 January 2026

logo

විදේශ ශ්‍රමිකයන් 7500ක් මෙරටට ගෙන්වීමට තීරණයක්



ප්‍රධාන පෙළේ ආයතන මෙරටට විදේශ ශ්‍රමිකයන් ගෙන්වීමට බලාපොරොත්තු වන බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් එල්. බී. කුමුදුලාල් ප්‍රකාශ කළා.

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ ඉන්දියාව, බංගලාදේශය සහ නේපාලය යන රටවල්වල ශ්‍රමිකයන් දැනටමත් මෙරට තුළ සේවය කරන බවයි.

එමෙන්ම තවත් ශ්‍රමිකයන් 7500ක් මෙරටට ගෙන්වීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)