04 November 2025

logo

චරිත රත්වත්තේට අධිකරණයෙන් දුන් නියෝගය



දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙක් වන චරිත රත්වත්තේ ඇප මත මුදා හරින ලෙසට නියෝග කර තිබෙනවා.

ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්. 

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මෙම නියෝගය ලබාදී තිබෙනවා. 

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීරය ඇප 02ක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඉන් අනතුරුව පැමිණිල්ල ජනවාරි මස 23වනදා කැඳවීමට අධිකරණය නියෝග කර තිබෙනවා. 

(colombotimes.lk)