ඉන්දියාවේ හිම දිවියන් 718 දෙනෙකු සිටින බවට සමීක්ෂණයකින් හෙළිව ඇති බව පරිසර අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.
ඒ අනුව මෙම සතුන් ගෝලීය ගහනයෙන් 10-15% අතර ප්‍රමාණයක් ඉන්දියාවේ වෙසෙන බවයි සඳහන් වන්නේ.
වනයේ සිටින හිම දිවියන්ට වාසස්ථාන අහිමි වීම සහ දඩයමට ලක්වීම වැනි හේතු නිසා ඔවුන් තර්ජනවලට මුහුණ දී ඇති බව එම සමීක්ෂණයේ දැක්වෙනවා.
(colombotimes.lk)
