30 April 2026

logo

උත්සව සමයේදී පවුලකට නොමිලේ සහල් කිලෝ 20ක්



උත්සව සමයේදී අඩු ආදායම්ලාභී ජනතාවට සහනයක් ලෙස එක් පවුලකට සහල් කිලෝ 20ක් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා.

අද ආරම්භ වූ 9 වැනි පාර්ලිමේන්තුවේ 5 වන සැසිවාරයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ඔහු මේ බව සඳහන් කළා.

මෙහිදී සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පාර්ශවයන්ගෙන් රට ගොඩනැගීමට එක්වන ලෙස ජනාධිපතිවරයා යළි ඉල්ලා සිටියා.
(colombotimes.lk)