12 December 2025

logo

2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය පැවැත්වෙන දින දැනුම්දෙයි



දිවයින පුරා පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දැමූ 2025 - සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2026 ජනවාරි මස 11වනදා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. 

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ ආපදාවට ලක් වූ පාසල් අයදුම්කරුවන් හට තම විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට නොහැකි නම් තම පාසලේ විදුහල්පතිවරයා දැනුවත් කළ යුතු බවයි. 

එමෙන්ම අදාළ විදුහල්පතිවරුන් තම විදුහලේ ආපදාවට ලක් වූ අයදුම්කරුවන් සිටී නම් ඒ පිළිබඳව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හා විභාග කොමසාරිස් (පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල) දැනුවත් කළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)