පහේ ශිෂ්‍යත්ව විභාගය එක්වරම අත්හිටුවීමට කටයුතු නොකරන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පවසනවා.
ඔහු කියා සිටියේ 2029 වසර සඳහා ශිෂ්‍යත්ව විභාගය නොවෙනස්ව පැවැත්වීමට රජය තීරණය කර ඇති බවයි.
2029 වසරෙන් පසුව ශිෂ්‍යත්වය පැවැත්වීම සම්බන්ධයෙන් 2028 වසරේදී සලකා බැලීම සඳහා කමිටුවක් පත්කිරීමට නියමිත බවද වෛද්‍ය මධුර සෙනෙවිරත්න ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ අද (20) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් අසන ලද පැනයකට පිළිතුරු යොමු කරමින්.
විභාග පීඩනය අඩු කිරීමට මේ වන විටත් විභාග දෙපාර්තමේන්තුව සැලැස්මක් සකස් කරමින් පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ දැනට පාසල් අතර ඇති විෂමතාවයන් ක්‍රමානුකූලව නැති කිරීමට හා ශිෂ්‍යත්වය මඟින් දරුවන්ට ඇති වන පීඩනය අඩු කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.
(colombotimes.lk)