මීරිගම - පස්යාල ප්‍රධාන මාර්ගයේ මල්ලැහැව ප්‍රදේශයේදී පුද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මාරක අනතුරක් සිදු වී තිබෙනවා.
එහිදී යතුරු පැදියේ ගමන්ගත් දෙදෙනා බරපතල තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දෙදෙනාම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙසේ මියගොස් තිබෙන්නේ අවුරුදු 25 සහ 35 වයස්වල පසු වූ අමිතිරිගල හා දෙහිඕවිට ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.
අනතුරට සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)