සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැඟීම සඳහා රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළට සහය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නිත්‍ය නේවාසික නියෝජිත (Azusa Kubota ප්‍රකාශ කළා.
ඒ අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවූ අවස්ථාවේදීයි.
ඵලදායී රාජ්‍ය සේවයක් සැපයීම වෙනුවෙන් සියලුම රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමට රජය ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සහ කාර්ය මණ්ඩල පුහුණු කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහය තවදුරටත් ලබා ගැනීම යන කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
(colombotimes.lk)