ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පිටුවහල් කරන ලද සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් 21දෙනෙක් අද (22) කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේදී අත්දන්ගුවට ගෙන තිබෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව විසින්.
එම පාතාල සාමාජිකයින් අතර 'මහවත්තේ චාමර' සහ 'කුඩු දුමින්ද' සිටින බවයි වාර්තා වන්නේ.
පොලීසිය සඳහන් කළේ 'මහවත්තේ චාමර' මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදීමට නියමිත වන අතර අනෙක් සැකකරුවන් සම්බන්ධයෙ වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිත බවයි.
(colombotimes.lk)
