ජාතික සුරක්ෂිත දිනය අදට (26) යෙදී තිබෙනවා.
ඒ අනුව එහි ප්‍රධාන සැමරුම් උත්සවය පෙරවරුවේ ගාල්ල ''පැරෑලිය සුනාමි ස්මාරකය'' අභියසදී පැවැත්වීමට නියමිතයි.
සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මිය ගිය ජනතාව සිහිපත් කිරීම සඳහා දිවයින පුරා පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමට ද කටයුතු සූදානම් කර තිබෙනවා.
2004 වර්ෂයේ ඇති වූ සුනාමි ව්‍යසනයෙන් 35,000කට අධික පිරිසක් මිය ගිය අතර තවත් පුද්ගලයන් 5000කට වැඩි පිරිසක් අතුරුදන් වී තිබෙන බවයි සඳහන් වන්නේ.
(colombotimes.lk)
