තෛපොංගල් උත්සවය වෙනුවෙන් මහජන බැංකුව සංවිධානය කළ උත්සව මාලාවේ ප්‍රධාන සැමරුම් උත්සවයන් කොටහේන සහ පිටකොටුව ශාඛාවන්හීදී පවත්වා තිබෙනවා.
ඒ මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
රටට, ජනතාවට, ගනුදෙනුකාර භවතුන්ට මෙන්ම කාර්ය මණ්ඩලයට ද ආශිර්වාද පතා මෙහිදී විශේෂ හින්දු පූජාවන් පවත්වා තිබෙනවා.
එමෙන්ම මෙම අවස්ථාවට මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය, කාර්යමණ්ඩල සමාජික සමාජිකාවන් සහ ගනුදෙනුකාර භවතුන් විශාල පිරිසක් ද සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ. 


(colombotimes.lk)
